මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකුට තුවාල


(මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
හැටන් සිට නුවරඑළිය බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් අද (17) පස්වරු 05.00 ට පමණ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේදී  අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කළ බව නානුඔය පෙලීසිය පවසයි..


අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ සිව් දෙනෙක් සිට ඇති අතර අනෙත් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.


මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශ වලට මේ දිනවල සවස් කාලයේ වර්ෂාව නිසාද,  මාර්ගයද දැඩි මීදුමෙන් වැසී ගොස් තිබෙන නිසාද මෙවැනි අනතුරු සිදුවේ.


සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.