සමන් විජය බංඩාර
නුවර සිට කොළඹ දක්වා ධාවන වු ඇල්ටෝ වර්ගයට අයත් කාර් රථයක් මාවනැල්ල අංවාරමදි අධි බලැති විදුලි කණුවක ගැටී තිදෙනෙක් රෝහල් ගත කර ඇති බව අද (13) සිදුවූ බව පොලිසිය පවසයි.
රියදුරුට නින්ද යෑමෙන් හෝ වෙනයම් දෝශයකින් නැතිනම් අපරික්ෂාකාරීව රිය පැදවීම හේතු කොට ගෙන මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය පවසයි.
වාහානයේ පැමිණි අයගේ සුළු තුවාල තිබුණු බවත් රෝගීන්ගේ තත්ත්වය බරපතල නොවන බව ප‍්‍රදේශවාසීන් පවසයි.
කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් අධිබලැති විදුලි කණුව කාර් රථයේ ගැටී මුලින් කැඩි ගොස් තිබිම නිසා එය කොළඹ නුවර ප‍්‍රධාන පාර දෙසට ඇල වී තිබේ.
එම විදුලි කණුව යථා තත්ත්වයට පත් කොට අනතුරක් වීමේ ඉඩ කඩ වැලැක්වීමට විදුලි බල මණ්ඩලයේ නිලධාරින්ද එහි පැමිණ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



