( දියතලාව - ඩී.කේ.රත්න )
(ඡායාරූප - ලුණුගල ප්‍රසන්න පද්මසිරි)
බදුල්ල නගරයේ ප්‍රධාන වටරවුමේ ආලෝක සංඥාා පුවරුවේ ඇති කොන්ක්‍රීට් කණුවක අද (8) හවස 5.30 ට පමණ මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් පොලිස් නිළධාරියෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතයි බදුල්ල පොලීසිය පවසයි.
නුවරඑළිය පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින හාලිඇල ගලඋඩ වාසනාගම ප්‍රදේශයේ පදිංචි මංගල ජනිත් කුමාර නැමති පොලිස් නිලධාරියෙකු මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙම පොලිස් නිළධාරිවරයා ඇතුලු පිරිස මංගල උත්සවයකට සහභාගී වී නැවත සිය නිවෙස් කරා පැමිණෙමින් සිටියදී ඔවුන් පැමිණි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රධාන වටරවුමේ ආලෝක සංඥාා සවි කර ඇති කොන්ක්‍රීට් කණුවක හැපීම නිසා මෙම අනතුර සිදුවී ඇත.
බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වනිගසේකර මහතාගේ උපදෙස් පරිදි බදුල්ල පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.