(එස්. ඩී. කොඩිකාර )
මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ එහි තිබූ රුපියල් 3,80,500 වටිනා මුදල් සහ රන් ආභරණ අද (25) සොරකම් කරගෙන ගොස් ඇතැයි මොරවක පොලිසිය කියයි.
නිවාස දෙකෙහි ම නිවැසියන් නොමැති අවස්ථාවක නිවෙස් දෙකෙහි අල්මාරිවල දමා තිබූ රන් ආභරණ සහ මුදල් මෙසේ සොරකම් කරගෙන ගොස් ඇතැයි නිවැසියන් මොරවක පොලිසියට පැමිණිලි කර ඇත.
එක් නිවසක පිටුපස ජනේලයෙන් ඇතුළු වී එම නිවසෙහි තිබූ රුපියල් 2,36,000 වටිනා රන් වළලු දෙකක්,රන් මාලයක්, රන් මුදු දෙකක්, පෙන්ඩනයක්, කරාබු යුගලක් සොරකම් කරගෙන ගොස් තිබූ අතර අනෙක් නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී එහි අල්මාරියෙහි දමා තිබූ තිබූ මුදල් රුපියල් 60,000 සහ රුපියල් 84,500 ක රන් මාලයක්, රන් පෙන්ඩනයක්, පංචායුධයක්, කරාබු යුගල හතරක් සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය කීය.
මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.