මොරගහකන්දේ මැණික් ජාවාරමක්



 
(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවන් පිරිස් ඉවත් කරන ලද ජලාශය ආසන්නයේ පවතින ඉඩම්හි මහා පාරිමාණයෙන් මැණික් ගැරිමේ ජාවාරමක් සිදුවන බව වාර්තාවේ.

මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමග නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම නිලධාරි වසම් හයක ජනතාව රජය මගින් ප‍්‍රදේශයයෙන් ඉවත් කර ඇති  අතර එම ප්‍රදේශවලට ගොස් සිටින ඇතැම් පිරිස් සංවිධානාත්මකව මෙම මැණික් ගැරීම සිදුකරන බව ප‍්‍රදේශවාසිහු කියති.

අඹන්ගඟ දෙපස ඉවුරු ආශ‍්‍රිව,කඹරව,ගල්පෝරුගොල්ල,තලාගොඩ, මෙන්ම කොන්ගහවෙල ආදී ප‍්‍රදේශයන්හි මෙම මැණික් ගැරීම් සිදුවෙති. මේ හේතුවෙන් ස්වභාවික පරිසරය විනාශවීම මෙන්ම ස්වභාවික ජල පද්ධතිවලට රෝන් මඩ එකතුවීම වැනි පාරිසරික හානි රැසක් සිදුව ඇති බව ප‍්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් නාඋල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් කළ විමසීමක දි එහි ප‍්‍රකාශකයෙකු පැවසුයේ  නිතී විරෝධි මැණික් ගරන්නන් සොයා  නිරන්තර වැටලීම් සිදුකරන බවයි.