සෙනරත් බණ්ඩාර
නකලස් රක්ෂිතයට යාබදව වනගත ප්‍රදේශයේ පිහිටි විල්ගමුව සුලුගුනේ ගම්මානයට රංචු වශයෙන් පැමිණෙන මොනරුන් නිසා ගම්මානයේ ගොවීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.
වැසි දියෙන් මෙන්ම සුළුගුණේ ගම්මානයේ කෙලවර පිහිටි වැවෙන් වගාවන් සඳහා ජලය ලබා ගන්නා ගොවියන්ට මෑතක්වන තුරු වන අලියන්ගේ තර්ජන එල්ලවී තිබුණත් අලි වැටක් ඉදිකිරිම නිසා මේ වන විට අලින්ගේ තර්ජන නොමැති බව ගම්මාසීහු පවසති.
නමුත් මෑතක සිට රංචු වශයෙන් පැමිණෙන මොනරුන් සිය වගාව විනාශ කර දමන බවට ගොවීහු මැසිවිලි නගති. සුළුගුණේ ගම්මානයේ අක්කර පහනකට අධික භූමි ප්‍රමාණයක වී වගා කර ඇති අතර ඒ සෑම කුඹුරක්ම මොනරුන්ගේ තර්ජනයට ලක්ව තිබේ.
කුඹුරට ඉසින ලද වී ද මෑ, බෝංචි, බඩඉරිඟු වැනි භෝග වගාකළ පසු පැලවෙන බීජ ද මොනරුන් විසින් ආහාරයට ගන්නා බව ගොවීහු කියති.