මොනරාගලදී බසයක් පෙරැළී 8ක් රෝහලේ


( ඩි.කේ.රත්න )
මොනරාගල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වැල්ලවාය තෙලූල්ල තිස් අටේ කණුව අසලදී පෞද්ගලික බස් රථයක් අද (08) මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක හැපී සිදු වු අනතුරකින්  බසයේ ගමන් ගත්  මගීන් අට දෙනෙකු බරපතල තුවාල ලබා තණමල්විල සහ වැල්ලවාය මූලික රෝහලට ඇතුළු කර ඇතයි කුඩාඔය පොලීසිය පවසයි.

මෙම බස් රථයේ රියදුරුට නින්දයාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අම්පාර සිට කොළඹ බලා ධාවනයවෙමින් තිබු බස් රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ.