(කේෂර ගුණතිලක)
මොනරාගල දිස්ත්‍රික්කය සඳහා අංගසම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. රුපියල් මිලියන 585 ක් වැය කර ඉදිකෙරෙන මෙම ක්‍රීඩා සංකීර්ණය සඳහා මුල්ගල තැබීම අද (22) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල පිහිටි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවති භූමියේදී සිදුකෙරිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල තබා සිහිවටන ඵලකය නිරාවරණය කළේය.
මෙම අවස්ථාවට ඉඩම් හා හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක, රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය කටයුතු පිළිබඳ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, ඌව පළාත් සභා මන්ත්‍රීවරු වන හරේන්ද්‍ර ධර්මදාස බණ්ඩා, ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන, සම්පත් ජයසූරිය, ජයසිංහ බණ්ඩාර සහ රෝයි කාවින්ද යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
මොණරාගල ක්‍රීඩා සංකීර්ණයට අගමැති මුල්ගල තබයි
Recommended Articles