මුහුදේ දිය නෑමට ගිය 17 හැවරදි පිරිමි ළමයෙක් අතුරුදන්


චන්ද්‍ර සේන ගමගේ 
 
අම්බලන්තොට ‘ඔච්චම‘ මුහුදු තීරයේ අද (13) දිය නෑමට ගිය 17 හැවරදි පිරිමි ළමයෙක් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි.

 
අතුරුදන්ව ඇත්තේ අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි ළමයෙක් බව අම්බලන්තොට පොලීසිය පවසයි. 
 
මිතුරන් කිහිප දෙනෙකු සමඟ ඔච්චම ප්‍රදේශයට පැමිණ මුහුදේ දිය නාමින් සිට ඇති අතර එකවරම මුහුදු රළකට හසුව අතුරුදන්ව ඇති ළමයා සමඟ තවත් අයෙකු මුහුදේ ගසා ගෙන ගිය බවත් එක් අයෙකු නැවත ගොඩට ගසා ගෙන ආ බවත්  සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
 
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය පරීක්ෂණ පවත්වන අතර හෙට (14) දිනයේදී පොලිස් කිමිදුම්බටයන් ගෙන්වා ළමයා සෙවීමේ කටයුතු ආරම්භ කරන බව පොලීසිය පවසයි.