මුවගල රක්ෂිතයේ ඉදිකිරීම් නවතී



(මහේෂ් කිර්තිරත්න) 
 
මාතලේ මුවගල කන්දේ ජල මුලාශ්‍රයට සහ රක්ෂිතයට හානි වන අන්දමින් ඉදිකෙරෙන හෝටලයේ ඉදිකිරීම් වහාම අත්හිටුවීමට මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතා නියෝග කර තිබේ.
 
මෙම ඉදිකිරීම් නිසා ප්‍රදේශයේ කුඹුරු ඉඩම්වලට ජලය නොමැති වීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හෙනේදෙණිය මහතා විසින් පෙන්වා දී ඇති අතර මේ පිළිබඳව ජනාධිපතිවරයාද දැනුවත් කර ඇතැයි පෙරේරා මහතා කීවේය.
 
රක්ෂිතය ආසන්නයේ නොසිදෙන ජල උල්පත්ද තිබූ බවද මේ අනවසර ඉදිකිරීම් නිසා අවට පවුල් 100ක පමණ ජලය සපයා ගැනීමද ගැටලුවක් ව ඇති බවද සභාපතිවරයා පැවසීය.
 
රක්ෂිතයේ මෙන්ම අනෙකුත් ඉදිකිරීම් සඳහා ද කිසිදු රාජ්‍ය ආයතනයකින් නිසි අවසරයක් නොගෙන ඇති බවත් ද අනාවරණය වී තිබේ.
 
මෙම ස්ථානය නිරීක්ෂණය කළ මාතලේ මහ දිසාපති ඇතුලු රාජ්‍ය නිලධාරීන් මේ පිළිබඳව සොයා බලා සම්පූර්ණ වාර්තාවක් කැඳවූ අතර මෙම ඉඩම් වහාම ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට පවරා ගැනීමට කටයුතු කරන ලෙස දිසාපතිවරයා මාතලේ සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.