(එච්. චන්දන)
පුත්තලම - කල්අඩිය නිවසක සඟවා තිබූ මුව මස් කිලෝ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය කියයි.
එම නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කල්අඩිය - හස්තිපුර නිවසක පිටුපස කුස්සයේ මෙම මුව මස් සඟවා තිබූ මොහොතේ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
පුත්තලම සහකාර අධ්‍යක්ෂක එම්.කේ චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි , වනජීවී පාලන ඒකකයේ අඩවි සහකාර ජි.ඒ.දිල්රුක්, වනසත්ව නියාමකවරුන් වන එස්.ඩී.සේමසිංහ, ලලිත් පෙරේරා , එම්.සම්පත් සිවිල් ආරක්ෂක නිළධාරින් මෙම වැටලීම සිදු කැරිණි. සැකකරු අද (9) දහවල් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.