ජයරත්න වික්‍රමාරච්චි
බෑගයක් අතැතිව මහ මග ගමන් කරමින් සිටියදී ඉදිරියට හමු වූ පොලිස් නිල රථය දැක පලාගොස් නිවසකට ඇතුළු වූ බව කියන 67 හැවිරිදි පුද්ගලයකු මුව මස් කිලෝ 8ක් සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
සැකකරු නවගත්තේගම මොරගහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු පෙර දඩයක්කරුවෙකුව සිට පසුව දඩයක්කරුවන්ගෙන් දඩමස් තොග මිල දී ගෙන පසුව ඒවා සිල්ලරට අලෙවි කිරීමේ නිරතව සිටින අයෙකි.
අත් අඩංගුවට ගත් සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.