(සුජිත් හෙවාජුලිගේ)
මේ වසරේ මුල් මාස හයේ දී සිදුවු දුම්රිය අනතුරුවලින් 246 දෙනෙකු මියගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙන අන්දමට විවිධ දුම්රිය අනතුරුඉ වලින් ගිය වසරේදී (2017) මියගොස් ඇති සංඛ්‍යාව 517 කි. මින් 28 දෙනකු මියගොස් ඇත්තේ දුම්රිය මාර්ගයන් හි ජංගම දුරකතන පාවිච්චි කරමින් ගමන් කිරීම නිසා යැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.
විවිධ අනතුරු වලින් 2016 වර්ෂයෙදී 405 දෙනෙකු ද 2015 වර්ෂයේදී 396 දෙනෙකු හා 2014 වර්ෂායේ දී 305 දෙනෙකු ද මියගොස් තිබෙන බව දෙපාර්තමේන්තුව පවසයි.