ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංක
අධික වැසි හේතුවෙන් මුලතිව් කුමලමුණේ නිත්තකායිකුලම් වැව් බැම්ම කැඩීයාමෙන් ජලයට මැදි වී සිටි ගොවීන් හයදෙනකු ගුවන් හමුදාව විසින් අද (9) මුදා ගත් බව ගුවන් හමුදාව කියයි.
මෙම පිරිස නිත්තකායිකුලම් වැව ආසන්නයේ පැල් රැකීම සඳහා ගොස් සිටියදී ඔවුන් ජලයට කොටු වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කරයි.
වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් හේන්වල පැල් රැකීම සඳහා ගොස් සිටි ගොවීන් පිරිසක් ජලයට කොටු වී ඇති බවත් ඔවුන් බේරාගන්නා ලෙසට මුලතිව් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ ආපදා කළමකාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා ගුවන් හමුදාවට දැනුම් දුන් බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
බේරාගත් පිරිස අතර ගෙවිලියක් හා ගොවීන් පස් දෙනකු සිටි බව මුලතිව් පොලිසිය කියයි.