රොමේෂ් මධුෂංඛ
මුලතිව් මුල්ලියාවලෙයි කොණ්ඩමඩු රක්ෂිතයේ මහාපරිමාණ දැව ජාවාරමක් සිදු කරමින් සිටි ස්ථානයක් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ දැව තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.
මුලතිව් පොලිස් විශේස කාර්ය බළකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් කොණ්ඩමඩු රක්ෂිතයේ සෝදිසි වැටලීමක් සිදු කර ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු විසින් පලු, බුරුත සහ කළුවර ගස් කපමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කොණ්ඩමඩු රක්ෂිතයෙන් කපන ලද දැව තොගයක් මුලතිව් අඩවිවන නිලධාරීන් වෙතට බාර දීමට පියවර ගෙන ඇති අතර පසුව ඔවුන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දොසැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මුලතිව් අධිකරණයෙන් නියෝග කළේය.