චන්ද්‍රසේන ගමගේ
ප්‍රදේශය පුරා පවතින වැසි තත්වයත් සමඟ වීරකැටිය මුරුතවෙල ජලාශය වාන් දැමීමේ මට්ටමට පැමිණ ඇති බවත් මේ වන විට මුරුතවෙල ජලාශයේ වාන් දොරටු 03 ක් විවෘත කර ඇති බවත් වීරකැටිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කේ.එන්.එච්.සහන් කුමාර මහතා පැවසීය.
මුරුතවෙල ජලාශය තුළ අක්කර අඩි 38875 ක් ජල ධාරිතාවයක් පවතින බව සදහන් කරන වාරිමාර්ග ප්‍රාදේශීය ඉංජිනේරුවරයා විවෘත කරන ලද වාන් දොරටු 03 න් තත්පරයකට ජලය ඝණ අඩි 360ක් ප්‍රමාණයක් මුදා හරින බවත් පැවසීය.
මුරුතවෙල ජලාශයට ජලය සැපයෙන ඌරුබොකු ඔයේ ජල මට්ටම ඉදිරියේදී ඉහළ ගියහොත් තව දුරටත් වාන් දොරටු විවෘත කරන බවත් ජලාශයේ පහළ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව අවධානයෙන් සිටීම වැදගත් බවද ප්‍රාදේශීයවාරිමාර්ග ඉංජිනේරු වරයා පැවසීය.