මුන්දලම සමීරගම සේවා පියස මධ්‍යස්ථානයට මැර ප්‍රහාරයක්


හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
මුන්දලම සමීරගම සේවා පියස මධ්‍යස්ථානයට අද ( 11 ) අළුයම කිසියම් පිරිසක් එල්ල කළ මැර ප්‍රහාරයකින් හානි වී ඇති බව මුන්දලම පොලිසිය පවසයි .
 
සේවා පියසේ ප්‍රධාන පුවරුවට හා දොරවල් හා ජනෙල් වලට පහර දි ඇති අතර මෙම සේවා පියසේ සමීරගම ග්‍රාම නිලධාරි කාර්යාලයත් ,ආර්ථික සංවර්ධන නිලධාරි කාර්යාලය , කෘෂීකර්ම පර්යේෂණ  හා නිශ්පාදන සහකාර කාර්යාලය හා  සමෘද්ධි සංවර්ධන කාර්යාලයත් පිහිටා තිබේ .
 
අදාල පහර දිම පිළිබඳ තවමත් කිසිදු හෝඩුවාවක් ලැබි නොමැති අතර සිද්ධිය පිළිබඳව මුන්දලම පොලිසිය පරික්ෂ පවත්වයි .