(ඉන්දිකා රාමනායක)
ලියාපදිංචි නොකළ රථයක් ජපානයේ සිට මෙරටට ගෙන්වා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 27 ක මුදලක් වංචා කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට වංචා විමර්ශන අංශය මහජන සහය පතයි.
යක්කල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් 2019-7-19 දින වංචා විමර්ශන අංශයට පැමිණිලි ලැබී ඇති අතර සැකකරු පදිංචි ලිපිනය අතහැර සැඟව සිටින බව පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ 0112-673581, 0112-675651 යන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.