මුදලට බූරු ගැසූ 7ක් අත්අඩංගුවට


(චන්දන ප්‍රනාන්දු )       

වෙන්නප්පුව කොළින්ජාඩිය ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය මුදලට බූරු ගැසිමේ ස්ථානයක් වටලා සැකපිට තරුණයන් 7 දෙනෙක් හා මුදල් තොගයක් අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි.               

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උල්හිටියාව වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශවල පදිංචි තරුණයන් පිරිසකි.                                               
තරුණයන් පිරිසක් සැකකටයුතු අන්දමින් රැස්වෙන බවට ලැබුණ තොරතුරක් මත නිවෙසක් වැටලිමේදි එහි සිටි තරුණයන් පිරිස කොටු වු බවත් එහි තිබී බූරු කූට්ටම් කීපයක් ඔට්ටුවට තැබු රුපියල් හැට හතරදහසක් සමග නිවෙස් හිමියා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.