( සමන් පාලිත නානායක්කාර )
කොස්ලන්ද මීරියබැද්ද නායයෑමෙන් අවතැන් වූ ජනතාව ගෙන් කොටසකට අවුරුදු හයක් ඉක්ම ගොස් තිබියදී ත් නිවාස ඉඩම් හෝ වන්දියක් මෙතෙක් ලබා නොදුන් බව පවසමින් "වතු වතුකම්කරු මධ්‍යස්ථානය" සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අද (15) හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිවිසුම් ගේට්ටුව අසල දී පැවැත්විණි .
බොරු පොරොන්දු දෙමින් වසර හයක් තුළ මැතිවරණ කිහිපයක් පැවැත්වූ බවත් මෙවර මහ මැතිවරණය පැවැත්වීමට පෙර ඉටු කළ හැකි ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසත් ඉල්ලා මොවුහු විරෝධතාවයේ නිරත වූහ.
වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් ශ්‍රී වසන්ත අභයකෝන් මහතා සඳහන් කළේ එහි අවතැන් වූ පවුල් 150කට පමණ නිවාස මෙතෙක් ලබා දී නොමැති බවයි.