මීනගයා දුම්රියේ ගැටුණු අලියෙක්ට අසාධ්‍යයි



( කරුණාරත්න ගමගේ සහ නිමල් ජයරත්න)


මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියේ ගැටුණු  වන අලියකු   තුවාල වී වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේ වී මඩ ගොහොරක වැටී සිටින බව වනජීවි නිලධාරීහු පවසති.


මෙම අලියා රුහුණු කෙත කෙත්යායේ සිට දුම්රිය මාර්ගය හරහා මාදුරුඔය රක්ෂිතයට මාරුවෙමින් සිටියදී මෙම අනුතුරට මුහුණපා ඇති බව ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන වැලිකන්ද වනජීවී නිලධාරීහු පැවසූහ.


 ඊයේ (09) රාත්‍රී 10 ට පමණ මෙම සිදුවීම වී ඇති අතර අද (10) දින පෙරවරුවේදී වනජීවී පශු වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් අවුරුදු 15ක් පමණ වයසැති මෙම අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කළහ.


ඉකුත් 06වැනිදා මීනගයා දුම්රියට වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී  වන අලි තිදෙනෙකු ගැටීමෙන් මිය ගියහ. මෙම අලියාගේ තත්ත්වය ද බරපතල බව වනජීවී නිලධාරීහු පවසති.

(නිමල් ජයරත්න -ඡායාරූප)

(කරුණාරත්න ගමගේ -ඡායාරූපය)