(කේ බුද්ධික කුමාරසිරි)
මීගොඩ හේනවත්ත විහාරමාවත ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී මොට ආයුධයකින් හිසට සිදුකළ ප‍්‍රහාරයකින් ඝාතනය කර ඇති බවට සැක කළ හැකි කාන්තාවකගේ මළ සිරුරක් අද (2) හමු වූ බව මීගොඩ පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වී ඇති කාන්තාව තම මව සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර අද (2) ලැබුණු දුරකථන ඇමතුමකට අනුව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ දී මොට ආයුධයක් හෝ මුගුරක් වැනි ආයුධයකින් හිසට සිදු කළ ප‍්‍රහාරයකින් මෙම කාන්තාව ඝාතනය කර ඇතැයි මුලික විමර්ශන වලින් අනාවරණය වී ඇත.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ මිගොඩ හේනවත්ත විහාරමාවත පදිංචිව සිටි මාලා පි‍්‍රයානි නමැති 51 හැවිරිදි දෙදරු මවකි.