(නිශාන්ත කුමාර)
කණුගොල්ල විහාරාධිපති කන්දේගම සරණවංශ හිමියෝ ප්‍රදේශයේ පැවැති දානම පිංකමකට වැඩම කර විහාරස්ථානය වෙත වැඩම කර ඇති අතර උන්වහන්සේ සංඝාවාසයේ දොර විවෘත කිරීමට සූදානම් වෙද්දී එහි කොන්ඩි පට්ටම හා ඉබි යතුරු කඩා කිසිවෙකු එහි ඇතුලුවී ඇති බව දැකගන්නට ලැබී ඇත.
සංඝාවාසයේ දොරගුලු කැඩීම සඳහා යොදා ගත් අලවංගුවක් හා යකඩයක් ද එහි දමා සොරුන් පලා ගොස් ඇති අතර කාමර දෙකක අල්මාරි විවෘත කර අවුස්සා දමා තිබු බව පොලිසිය කියයි.