මීගමුව කොළඹ බස් වර්ජනය දිගටම


 

(ප්‍රසාද් මුතුකුඩ සහ මහින්ද නිශ්ශංක)

මීගමුව -  කොළඔ මාර්ග අංක  240 , මීගමුව  කොළඔ , මීගමුව  ඇවරිවත්ත , කටුනායක  කොළඔ සුඛෝපබෝගි සේවා සහ අධිවේගි  මාර්ග  පෞද්ගලික බස් රථ සේවකයෝ  අද (15)  වර්ජනයක් ඇරඹුහ.

මීගමුව පෞද්ගලික බස්  සේවකයකුට  වෙනත් මාර්ගයක බස්  සේවයකු පහරදුන්නේ යැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන් පැන නැගුණු  ගැටලුකාරි සිද්ධියක්  මුල්කරගෙන ඊයේ (14) සිට ඔවුන් සියලු කටයුතු වලින් ඉවත් වී මෙම වර්ජනය ආරම්භ කර ඇත.

මෙම හේතුවෙන්  ලාංකික මෙන්ම  දුර ගමන් සදහා පැමිණ  විදේශික සංචාරකයින්  දැඩි අපහසුවකට පත්ව  තිබු   අතර ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කීපයක්  පමණක් ධාවන කටයුතුවල නිරත වු අතර මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට ලක්ව සිටි අයුරු දකින්නට ලැබිණි.