මීගමු - කොළඹ බස් වර්ජනයක්


(මහින්ද නිශ්ශංක)

කොළඹ - මීගමුව මාර්ග අංක 240 සාමාන්‍ය සේවා පෞද්ගලික බස්රථ හිමියන් අද (31) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

කොළඹ - ගුවන්තොටුපොළ මාර්ග අංක 187 සහ මාර්ග අංක 240 කොළඹ - මීගමුව බස් කොන්දොස්තරවරුන් දෙදෙනෙකු අතර බහින්බස්වීමක් දුරදිගයාමෙන් සිදුවූ පහරදීමක් මුල්කරගෙන වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය පවසයි.