මිහින්තලේ රිය අනතුරකින් සිංහ කුලුණ කුඩු


(බී.ජී චතුරංග)

මිහින්තලය නගරයේ අද(15) අලුයම සිදු වූ රිය අනතුරකින් නගර මධ්‍යයේ ඉදකර තිබූ පැරණි සිංහ කුලුන සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව මිහින්තලය පොලීසිය පවසයි.

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉන්ධන රැගෙන ඒම සඳහා ගමන් කරමින් තිබූ බවුසරයක් අද අලුයම සිංහ කුලුනේ ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් කුලුන බිමට ඇද වැටී  එහි තැන්පත් කර තිබු සිංහ රූප බිමට වැටී කෑලි වලට කැඩී ගොස් විනාශයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

කුලුනෙහි ගැටුණු බවුසර් රථයේ පිටුපස රෝද 4 ගැලවී ගොස් බවුසර් රථය මාර්ගය හරහා නතර වී තිබූ බවත් පොලිසිය පවසයි.


රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකරන බවද වැඩිදුර පරීක්ෂණ සිදු කරන පොලීසිය පවසයි.

1979 වර්ෂයේ ජුනි මස 24 වන දින එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙම කුලුන විවෘත කර තිබේ.