මිරිසවැටිය සෑ රද වන්දනා වැඩසටහනට යුදහමුදාපති එක්වෙයි


(මනුල වික්‍රම)

එළැඹෙන 2020 නව වසර වෙනුවෙන් රටට ආශිර්වාද කිරීම පතා ‘මිරිසවැටිය සෑ රද වන්දනා‘ ආගමික වැඩසටහන් මාලාව ඊයේ (7) සවස අනුරාධපුරයේ දී පැවැත්විණි.

ඒ සඳහා  යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්විය.

මිරිසවැටිය විහාරාධිකාරී ඊතලවැටුණවැවේ ඤාණතිලක නාමිහියන්ගේ අනුශාසනා පරිදි ගම්පහ බවුන්පැලැස්ස නිර්මාතෘ වල්පොල ගෝතම සහ නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරුකුඹුරේ ධම්මරතන හිමිවරුන්ගේ සංවිධායකත්වයෙන් එම ආගමික වැඩසටහන් මාලාව පැවැත්විණි.