ටෝනි කරුණානායක
මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීල් ජයසේකර මහතා අද වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතු බව යෝජනා වූයෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රාණි සමරකෝන් මහත්මිය ඉදිරියේ ඡන්දය පැවැත්විණි.
ඒ අනුව පැවැති රහස් ඡන්දයෙන් නීල් ජයසේකර මහතා ඡන්ද අටක් ලබා ගත්තේය. ඔහු මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු උප සභාපතිවරයෙකි. මෙවර උප සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතුල කුමාර මන්ත්‍රීවරයා පත් කර ගැණිනි.
මිනුවන්ගොඩ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු හත් දෙනෙක් ද, එජාපයෙන් මන්ත්‍රීවරු පස් දෙනෙක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් ද තේරී පත්වූහ.
අද ඡන්දයයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය. ඒ අනුව එජාපයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ද නීල් ජයසේකර මහතා වෙනුවෙන් ඡන්දය භාවිත කර තිබේ.
මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිත් පොහොට්ටුවෙන්
Recommended Articles