මිනීමැරුම් නඩුවෙන් ශ්‍රීලනිප සංවිධායක නිදහස්


සුමතිපාල දීයගහගේ සහ උනවටුන ඩී ජී සුගතපාල   
 
රත්ගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයෙකු ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු  ද්විත්ව මනුෂ්‍ය ඝාතන නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරිමට අපොහොසත්විම නිසා විත්තිකරුවන් දෙදෙනාම අද නිදොස් කොට නිදහස් කළේය.
 

මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ රත්ගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයෙකු වන අගම්පොඩි අසංක මෙන්ඩිස් ගිත් ගුණසේකර සහ පුබුදුමනි විදුර සොයිසා විජේමුණි යන විත්තිකරුවන් දෙදෙනාය

නඩු විභාගය ආරම්භයේ සිටම දෙවන විත්තිකරුවු පුබුදුමනී විදුර සොයිසා විජේමුණි අධිකරණයට ඉදිරිපත් නොවිම  නිසා ඔහුට විවෘත වරෙන්තු නිකුත් කොට තිබු අතර පළමුවන විත්තිකාර අගම්පොඩි අසංක මෙන්ඩිස් ගීත් ගුණසේකර යන අය  පමණක් අධිකරණයේ  පෙනි සිටියේය . දෙවන විත්තිකරු වෙනුවෙන් නිතිඥවරු පෙනි සිටියහ.
 
රත්ගම   පල්ලියපිටියේදි  2004 අප්‍රේල් 25 වැනි දා  පැමිණිල්ල නොදත් අන් අය  ලෙස්ලි අශෝක යන අයගේ මරණය සිදු කිරිම එම ක්‍රියා කලාපයේදිම අගම්පොඩි සුනිල් යන අයගේ මරණය සිදු කිරිම සහ පෙත්තාහන්දි සුජාතා අශෝකා ,පෙත්තාහන්දි හර්ෂණී ප්‍රියදර්ශණී ක්‍රාවගේ ලලිත්කුමාර යන තිදෙනාට වෙඩිතබා තුවාල සිදුකොට මිනී මැරිමට තැත්කිරිම සම්බන්ධයෙන්  විත්තිකරුවන් දෙදෙනාට නඩු පවරා තිබිණි.