(සුරියවැව දිලීප් ජයසේකර)
තණමල්විල නිකවැව හා මීගස්ආර ප්‍රදේශ වල ඊයේ(12) රාත්‍රි සිදු වු වන අලි පහරදිමක් හේතුවෙන් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අලුත් අවුරුද්දට බඩු රැගෙන ඒමට අසල කඩයකට ගොස් නැවත නිවෙස බලා පැමිණෙමින් සිටි නිකවැව ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකුවන 47 හැවිරිදිවිදානගමගේ පියසාන්ත නැමති අයෙකි.වන අලි පහරකෑමට ලක්වීමෙන් පසු ඔහු තණමල්විල රෝහලට රැගෙන යමින් සිටින අතරවාරයේ මියගොස් ඇත.මීගස්ආර පදිංචි වයස අවුරුදු 33ක් වන ගජනායක මුදියන්සේලාගේ කුසුමපාල නැමති එක් දරු පියෙකුද එම වන අලියාගේම පහරකෑමට ලක්ව ඊයේ(12) මියගොස් තිබේ.ඔහු ගෙවත්තට වන අලි ආ බව දැන වන අලියා පළවා හැරීමට නිවසින් පිටතට පැමිණ අලි වෙඩි දැමිමට උත්සාහ කළ අවස්ථාවේදි වන අලියා පහර දි තිබේ.වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇත්තේ සවස 06ට විතර ගෙවත්තේ තණකොල කපමින් සිටි තණමල්විල සමාධිගම පදිංචි එන්.ඒ රොබින් නැමති 41 හැවිරිදි තිදෙරු පියෙකි.ඔහු මේ වන විට හම්බන්තොට මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි.