මැදිරිගිරිය ප්‍රා.සභාවේ සභාපති පුටුව පොහොට්ටුවට



 
ඩබ්.ඒ. පියතිලක

පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාව සඳහා සභාපතිවරයකු තෝරාපත් කර ගැනීමේ මංගල සැසිවාරය ලංකාපුර ප‍්‍රාදේශීය සභාවේ දි අද (5) උතුරුමැද පළාත්  පාලන කොමසාරිස්  එම්.කොඩිප්පිලිආරචිචි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

පළාත් පාලන කොමසාරිස් සභාපතිවරයා තෝරාපත් කිරිමේ නිවේදනය නිකුත් කිරිමත් සමඟ මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාව සඳහා පත් වු මන්ති‍්‍රවරුන් විසින් සභාපති අසුනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියොජනය කළ ශාන්ත කුමාර වික‍්‍රමආරචිචි සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ වික‍්‍රමකිර්ති යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. 

පසුව ඡන්ද විමසිමේදී ශාන්ත කුමාර වික‍්‍රමආරචිචි මහතාට පක්ෂව ඡන්ද 23ක්  සහ වික‍්‍රම කිර්තිට පක්ෂව ඡන්ද 9ක් හිමි විය. ඒ අනුව වැඩි ඡන්ද 23ක් ලබාගත්  ශාන්ත කුමාර වික‍්‍රමආරචිචි මහතා සභාපතිවරයා ලෙස තේරී පත්විය. 

උප සභාපතිවරයා ලෙස ද මන්ති‍්‍රවරු දෙදෙනෙකුගේ නම් යොජනා වු අතර එහිදි ඡන්ද විමසිමේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ති‍්‍ර  නන්දන උදේකුමාර ඡන්ද 9ක්  ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආරියසේන අබේගුණසේකර ඡන්ද 23ක් ලබා ගනිමින් උප සභාපතිවරයා ලෙස තේරීපත් විය.

මෙහිදි ජනතා විමුක්ති පෙරමුණ නියොජනය කළ මන්ති‍්‍රවරු කිසිදු පක්ෂයකට ඡන්දය දිමෙන් වැළකි සිටියහ.

මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාව සඳහා තේරිපත් වු මන්ත්‍රී සංඛ්‍යාව ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මන්ති‍්‍රවරු 14ක් ද  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 8 ක් ද  ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයයෙන් මන්ති‍්‍රවරු 9ක් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ති‍්‍රවරු 2ක් ලෙස පත්විය.