මැදවච්චියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට


බී.ජී.චතුරංග
 
මැදවච්චිය ගිරා කෑත්තෑව ප්‍රදේශයේ දී අද (20) සිදු වූ රිය අනතුරකින්, මීට දින 15කට පෙර විවාහ ගිවිසගත් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
 
මැදවච්චියේ සිට කෑදෑව දක්වා පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් පිරිසක්  ගෙන යමින් තිබූ වෑන් රථයක් හා කෑදෑව සිට මැදවච්චිය දක්වා ගමන් කළ යතුරු පැදියක් මැදවච්චිය 5කණුව සිට කෑදෑව දක්වා දිවෙන මාර්ගයේ ගිරා කෑත්තෑව වංගුවේදී එකිනෙක ගැටී මෙම අනතුර සිදු ව තිබේ. 
 
අනතුරින් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරනු ලබයි.