මැදපෙරදිග වෙසෙන ලාංකිකයන් ගෙන්වන්නැයි ඉල්ලති


(ශාන්ත රත්නායක)

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (08)  නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

මැද පෙරදිග රැකියාවල නියුතු ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින්ගේ ජීවිත කොරෝනා වසංගතය හමුවේ අනතුරුදායක තත්වයක පවතින බැවින් ඔවුන් වහා මව්රටට ගෙන්වා ගන්නා ලෙසට බලධාරීන්ට බලකිරීම සඳහා එම විරෝධතාව පැවැත්විණි.