මැතිවරණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් අ’පුරෙන් සම්මත වෙයි



 
 
මනුල වික්‍රම
 
ජනාධිපතිවරයා විසින් නම්කර ඇති දිනට ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු  බවට අදාළ අංශ වෙත දැනුම්දීමේ යෝජනාවක් අද (4) අනුරාධපුර මහ නගර සභාව සම්මත කළේය.


නගරාධිපති එච්. බී.සෝමදාස මහතා විසින් ගෙන එන ලද එම යෝජනා ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රී නීතිඥ රංජිත් රාජකරුණා මහතා විසින් ස්ථිර කරනු ලැබු අතර අදහස් දැක්වීමෙන් පසුව පැවැති ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 14ක් ද විපක්ෂව ඡන්ද 10ක් ද හිමිවිය. 


විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි අතර මුළු මන්ත්‍රීවරුන් 26 දෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙක් සභාවට පැමිණ සිටියේ නැත.


යෝජනාව ඉදිරිපත් කළ නගරාධිපතිවරයා වසර තුනක් තිස්සේ රට අරාජික වීමෙන් කැළඹීමට පත් සාමාන්‍ය මහජනතාවගේ මතය අදාළ පුද්ගලයින්ගේ දැන ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරන බව කියා සිටියේ ය. 


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් නීතිමය තත්ත්වයන් ගෙනහැර දැක්වූ රංජිත් රාජකරුණා මන්ත්‍රීවරයා නීති පොතේ ඇති දේවල් වලට වඩා මහජන මතය ඉස්මතු කර අතීත විනිසුරුවරුන් වැදගත් නඩු තීන්දු දී ඇති පූර්වාදර්ශ අධිකරණයේ ඇතැයි කීවේ ය.

ඡායාරූපය - දයාරත්න ඇඹෝගම