මැතිවරණ ගැන ලිපි සංග්‍රහයක් එළි දකී


ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී වසර 85ක් පිරීම නිමිත්තෙන් සකස් කරන ලද “සර්වජන ඡන්ද බලය 1931 - 2016 ඩොනමෝර් කොමිෂන් සභාවේ සිට මැතිවරණ කොමිෂන් සභාව දක්වා” යන මැයෙන් යුතු ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී කමිටු ශාලාවේදී අද (30) සවස එළි දැක්විණි.

කතානායක කරු ජයසූරිය මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර “සර්වජන ඡන්ද බලය 1931 - 2016 ඩොනමෝර් කොමිෂන් සභාවේ සිට මැතිවරණ කොමිෂන් සභාව දක්වා” ලිපි සංග්‍රහය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අදහසකට අනුව සකස් කර ඇත. විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, වෘත්තීයවේදීන්, සමාජ ක්‍රියාකාරීන් හා ජනමාධ්‍යවේදීන්ගේ ලිපිවලින් සමන්විත මෙම ලිපි සංග්‍රහය අඩංගු කෘතිය සංස්කරණය කර ඇත්තේ සුගත් වටගෙදර මහතාය. 

_DSC0016 _DSC0035 _DSC0063