මාසයකට පසු දෙමෝදර රෝහල අද විවෘත කරයි


(ප්‍රසන්න පත්මසිරි)
 
මාසයක් වසා දමා තිබූ  දෙමෝදර රෝහල අද (09) මහජනයාට යළි විවෘත කර තිබේ.
 
යටත් විජිත සමයේ  සිට දෙමෝදර රෝහල අසළ  ගමේ සහ වතුකරයේ ජනයා  භාවිතා කළ  කුඩා මාර්ගය අවහිර කර සිමෙන්ති කණුවක් සවිකිරීමට රෝහල් බලධාරින් පියවර ගැනීම  හේතුවෙන් දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමක්  දුරදිග ගොස් තමන්ට ආරක්ෂාවක් නැතැයි පවසමින් රෝහල් බලධාරීහු රෝහල වසාදැමීමට  පියවරගත්හ. 
 
රෝහල වසාදැමීම නිසා  රෝගින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි පවසමින් ජනතාව දෙමෝදර මංසන්දියේදී උද්ඝෝෂණයක  නියැලුණහ. 

රෝහල වසා දැමීමට විරුද්ධව එය විවෘත කරන ලෙසට ඉල්ලා සිංහල, දෙමළ, මුස්ලිම් ගම්වැසියන් පිරිසක් විසින් බදුල්ල මහාධිකරණයට ඉදරිපත් කර ඇති රීට් ආඥා අයැදුමක් ඉදිරිපත් කරනු ලැබීය.

එය ලබන  සලකා බැලීමට මහාධිකරණ විනිසුර වරයා  මහජනයා පීඩාවට පත් නොකර රෝහල විවෘත කර ලෙස ඉල්ලා සිටියේය.

ඌව මහ ඇමතිවරයා, ඌව සෞඛ්‍ය  ඇමතිවරයා , රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛා ලේකම්වරයා, බදුල්ල ප්‍රාදේශීය සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂිකාව යන අය මෙහි වගඋත්තරකරුවෝ වී සිටිති.