මාවනැල්ලේ සභාපති එජාපෙන් - උප සභාපති සන්ධානයෙන්


සමන් විජය බංඩාර
 
මාවනැල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයටත් උප සභාපති ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානටයත් අද හිමි විය.

 
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් චන්දන කුමාර මහතාගේද,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කේ.ජී. පියතිස්ස මහතාගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එම්.එස්. මොහම්මත් කාමෙල් මහතාගේ ද නම් සභාපති ධුරය සඳහා යෝජනා විය. ඒ අනුව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වණි.
 
ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිතා කිරිමෙන් වැළකී සිටියේය.    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන   චන්දන කුමාර මහතා ඡන්ද 21 ක් ලබා ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් එම්.එස්. මොහම්මත් කාමෙල් මහතා ජන්ද දෙකක් ලබා ගත්තේය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කේ.ජී. පියතිස්ස මහතා ජන්ද 16 ක් ලබා ගත්තේය. ඒ අනුව ජන්ද 21 ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ චන්දන අනුර කුමාර මහතාට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිමි විය.
 
ඉන් අනතුරුව පවත්වනු ලැබුයේ උප සභාපතිධූරය සඳහා කෙනෙකු පත් කර ගැනිමයි. එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධායෙන් සභාපතිවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා විය.  ඒ එම්. ආර්. මුහම්මදු අසාම් මහතා සහ චන්දසිරි බණ්ඩාර මහතායි.  ඒ අනුව විවෘත ඡන්දයක් පවත්වා එම ධූරය වෙනුවෙන් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා තෝරා ගත්තේය. මෙහිදි චන්දසිරි මහතා ඡන්ද 21 ලබා ගත් අතර එම්. ආර්. මුහම්මදු අසාම් මහතා ලබා ගත්තේ ජන්ද 18 ක් පමණී.
 
මෙම ඡන්ද විමසීම සමකාමීව පැවැතියත් සභාවෙන් පිටත  පැමිණි මන්ත්‍රීවරුන් පිළිගැනීමට පැමිණී සිටි පක්ෂීක පිරිස් අතර උණූසුම් වචන හුවමාරුකම් සිදුවූයෙන් එය  පාලනය කිරීමට පොලිසියට සිදු විය. 
 
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ එජාපය ලැබුණු එකම පළාත් පාලන ආයතනය මාවනැල්ල ප්‍රාදේශීය සභාවයි.