මාරාන්තික උපවාසයක්


(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

වතු නිවාස ප්‍රශ්නයක් මුල් කරගෙන ඇල්පිටිය වතු සමාගමට අයත් මාපලගම තල්ගස්වල වතුයායේ වතු කම්කරු පිරිසක් අද (27 ) තල්ගස්වල මංසන්ධියේදි මාරාන්තික උපවාසයක් අරම්භ කළහ.

තල්ගස්වල හංදියේ අට්ටාලයක් සකස් කොට ඔවුහු මේ මාරාන්තික උවවාසය ආරම්භ කළහ.

මේ කම්කරුවන් පිරිසට සහයෝගය දැක්වීම සදහා පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතාද මේ මාරාන්තික උපවාසයට එක්වී සිටියේය.

තල්ගස්වල වතුයායේ වතු කම්කරුවන් පිරිසකට ඉන්දියානු වතු නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස නොලැබීම මේ මාරාන්තික උපවාසයට හේතුව බව මේ උපවාසයේ යෙදීසිටි පිරිස කීහ.

මේ ප්‍රශ්නයට  සාර්ථක විසඳුමක් ලැබෙන තුරු තමන් මේ උපවාසය අත්නොහරින බවද ඔවුහු කියති.