මාර්ගය අලුත් වැඩියා කර දෙන ලෙස ඉල්ලති


(ජුඩ් සමන්ත , හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය මහකුඹුක්කඩවල මාර්ගය අලුත් වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් අද(19 ) 500කට ආසන්න පිරිසක් මදුරන්කුලිය නගරයේදි විරෝධතාවයක නිරත වුහ. පුත්තලම කොළඹ මාර්ගය මදුරන්කුලිය නගරයෙන් වසා දැමිමට විරෝධතාකරුවන් කටයුතු කිරිම නිසා පොලිසිය මැදිහත්ව දැඩි පරිශ්‍රමයකින් මාර්ගයේ එක් මං තිරුවක් විවෘත කිරිමට සිදුවුවද නැවතත් විරෝධතාකරුවන් මාර්ගය වසා දැමිමට කටයුතු කළහ.

ඒ සමගම පොලිස් කැරලි මර්දන ඒකක ද සිරුවෙන්  තබා තිබිණි. 
විරෝධතාකරුවන් පවසා සිටියේ වසර 20 කින් වත් මෙම මාර්ගය නවිකරණය කර නැති බවත් කිසිම ආකාරයකින් මාර්ගයේ ගමන් කිරිමට නොහැකි වි ඇති බවත්ය. විරෝධතාවය අතර එහි පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම් .එච්.එම් . නවාවි මහතා මේ පිළිබඳව මහා මාර්ග ඇමැතිවරයා දැනුවත් කිරිමට කටයුතු කරන බවට පැවසුවත් විරෝධතාකරුවන් පවසා සිටියේ මෙම පොරොන්දු පිළිගත නොහැකි බවත් මාර්ගය සදා දෙන බවට ස්ථිර පෙරෝන්දුවක් ලබා දෙන තුරු විරෝධතාවය දිගටම කරගෙන යන බවත්ය .