මාර්ග නීති කඩ කළ 17 ක් දන්කොටුවෙන් අත්අඩංගුවට


(චන්දන ප්‍රනාන්දු)                                            

දන්කොටුව පොලිස් බල ප්‍රදේශය හා  දංකොටුව නගරය කේන්ද්‍ර කරගෙන ජනතාවගේ හා වාහනවල ආරක්ෂාව තහවුරු කිරිම අරමුණු කරගෙන සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් දෙදෙනකු ඇතුළු මාර්ග නීති කඩ කළ රියදුරන් 17 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.

අපරික්ෂාකාරි රිය ධාවනය හා මාර්ග නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් රියදුරන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් රිය බලපත් නොමැතිව රිය ධාවනය කරමින් සිටි දෙදෙනෙකු ද පොලිස් බාරයට ගෙන තිබේ.