(රවින්ද්‍ර ලියනගේ)
මාරවිල දෙමටපිටිය හන්දිය අසල පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විදුලි උපකරණ අළෙවි මධ්‍යස්ථානයක අද (18) අලුයම 2.30 ට පමණ හදිසියේ ඇතිවු ගින්නකින් එම අළෙවිසැලේ තිබු සියලුම විදුලි උපකරණ ගින්නෙන් දැවි විනාශ වි ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි.
ඇතිවු ගින්න පැය පහකට අධික කාළයක් පැවති අතර මිගමුව මහනගර සභාවේ සහ හලාවත නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ උදැසන 8.00 ට පමණ වන තෙක් ගින්න නිවා දැමිට කටයුතු කළ බව පොලිසිය කියයි.
ගොඩනැගිල්ලේ තිබු සියලුම විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ සියල්ල ගින්නට හසුවි දැවි ගොස් තිබේ. ගොඩනැගිල්ල තුළ රුපියල් කෝටියකට අධික වටිනා විදුලි උපකරණ තිබු බව පොලිසිය කියයි.