මාරවිල රෝහල් සේවකයෝ ජල කුළුණ මත නැගී විරෝධතාවයක


 
 
 
හිරාන් ප්‍රියංකර ජයසිංහ        

                           
මාරවිල මුලික රෝහලේ පවතින පරිපාලන ගැටළු සඳහා විසදුම් ලබාදිමට පරිපාලනය කටයුතු නොකිරිමට විරෝධය පා රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයින් අද (4) සිට ජල කුළුණ මත නැගි විරෝධතාවයක නිරතවුහ. 


මෙම විරෝධතාවයේ නිරතව සිටින සේවක සේවිකාවන් පවසන්නේ රෝහලේ මෘත ශරිරාගාරයට නුපුහුණු සේවකයින් යෙදවීම, නිසි ප්‍රමිතියකින් තොරව සේවක සේවිකාවන්ට අභ්‍යන්තර ස්ථාන මාරු ලබාදීම, වැටුප් වර්ධන අනුමත නොකිරිම යන කරුණු පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවක් ලබා නොදිම යන ගැටළු බව විරෝධතාවයේ යෙදී සිටින පිරිස් පවසයි.


මෙම විරෝධතාවයේ ප්‍රධානතම ගැටළුව ලෙස මෙම විරෝධතාකරුවන් පවසා සිටියේ මෘත ශරිරාගාරයට නිසි පුහුණු සහිත සේවකයින් සිටියදී නුපුහුණු සේවකයින් තුළ බරපතල ගැටළු රැසක් මතුව ඇති බවයි .