මාරතැන්න වතු යායේ කම්කරුවන් පිරිසක් විරෝධතාවයක


(සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ - මාරතැන්න වතු යායට අයත් තේ කර්මාන්ත ශාලාවේ නිපද වූ  තේ කොළ කර්මාන්ත ශාලාවෙන් පිටතට ප්‍රවාහනය කිරීමට ඉඩ නොදි  වතු  කම්කරුවන් පිරිසක් අද (26) විරෝධතාවයක නිරත වූහ.

සිය දෛනික වැටුප  රුපියල් 1000ක්  දක්වා  ඉහළ දමන තුරු  කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කළ තේ කොළ  ප්‍රවාහනය  කිරීමට  ඉඩ නොදෙන බව එම කම්කරුවෝ පැවැසූහ.

අද පස්වරුවේ ආරම්භ කළ මෙම විරෝධතාවය දිගටම පවත්වාගෙන යන  බවත් වතු  කළමනාකරුවන් රාත්‍රී කාලයේ කර්මාන්ත ශාලාවෙන් තේ කොළ  ප්‍රවාහන කිරීමක් සිදු කළ හැකි බැවින් වතු කම්කරවන් පිරිස කර්මාන්ත ශාලාව අවට රැඳි සිටින බවත් පැවැසූහ.