(සිරිනිහාල් ගමගේ)
ගාල්ල මාපලගම මාර්ගයේ වදුරබ දෙල්ගහවල කන්ද යන ස්ථානයේදී අද (27) සිදුවූ රිය අනතුරකින් 34 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
නාගොඩ සිට ගාල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වදුරබ පසුකර දෙල්ගහවල කන්ද ගාමිණි විද්‍යාලය අසල වංගුව පසු කරනවාත් සමඟ පසු පසින් පැමිණි මෝටර් සයිකලයක් එම බස රථය පසුකර යාමට තැත් කිරීමේදී ඉදිරියෙන් වෑන් රථයක් පැමිණ ඇති අතර එවිට මොටර් සයිකලයේ පැමිණි අයට යාමය ඉඩ නොමැති වීම නිසා සයිකලයේ තිරිංග තද කිරීමේදි එම සයිකලය හා පැදිකරු බස් රථයේ ඉදිරි රෝදයට පසු පසින් බස් රථය යටට ගොස් පසුපස රෝදයට හසුවීම හේතුවෙන් පැදිකරු මිය ගොස් ඇත.
මියගිය පුද්ගලයා කරාපිටිය ප්‍රදේශයේ වෙළද සැලක සේවයට යාමේදී මෙසේ අනතුරට ලක්වී ඇති බව පොලිසිය කියයි.