මාධ්‍යවේදීන් රකින්න නීතිඥ සංගමය පෙරට


රටේ මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මාධ්‍යවේදීන්  සිදු කරන වගකීම් සහගත ක‍්‍රියාකාරකම් වලදී මුහුණපෑමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා නව ඒකකයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා පවසයි.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බවත්  පැමිණිලි  කොළඹ 12 , මිහිඳු මාවතේ අංක 153 දරණ ස්ථානයේ පිහිටි  මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ආධාර ඒකකයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් බාර දිය හැකි බවත් රන්දෙණිය මහතා සඳහන් කරයි.

මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ආධාර ඒකකය පිළිබඳ මූලික විමසීම් 011/2447134 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.