මාධ්‍යවේදීනට එරෙහිව සිදුවන අපරාධවලින් දඬුවම් නොවිඳ බේරීයෑම අවසන් කිරීම සනිටුහන් කැරෙන ජාත්‍යන්තර දිනය අදයි.
නිදහසේ අදහස් හුවමාරුකරගැනීමේ අන්තර්ජාතිකය හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය 2011 නොවැම්බර් 23 වැනිදා ලෙස නම් කළද එක්සත් ජාතීන් විසින් නම් කළ නොවැම්බර් 2වැනිදා දිනයද ඇතුළුව දින දෙකම මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ දිනය ලෙස සැලකේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නම් කරන්නේ 2013 දී ප්‍රංශ ජාතික ජනමාධ්‍යවේදීන් දෙදෙනකු ‘මාලි‘ හිදී ඝාතනය කිරිම මුල් කැරගෙනය.
එහෙත් ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කිරීමට පෙර සිටම හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරුණේ 2009 සිටය. 2009 නොවැම්බර් 23 වැනිදා පිලිපීනයේ ජනමාධ්‍යවේදීන් 32ක් ඇතුළු 57ක් කෘෘර ලෙස මරා දැමිණි.

