(ජුඩ් සමන්ත)
ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එය පදවාගෙන ආ පුද්ගලයෙක් (47) තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ කඩුපිටිඔයට ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.
ආපනශාලා සඳහා කෙටි ආහාර තොගයක් ත්‍රී රෝද රථයේ ප්‍රවාහනය කර තිබේ.