(ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු )
මාදම්පේ සිට මැදගම හරහා විලත්තව දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් පැවති විරෝධතාවයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන මුළු මනින්ම අඩාලවිය.
මාදම්පේ - විලත්තව මාර්ගයේ ඉස්සම්මැඩිල්ල ප්‍රදේශයේදී අද (14) මෙම විරෝධතාවය පැවැත්වුණි.
වසර ගණනාවකින් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර නොමැති බැවින් මාර්ගයේ ගමන් කිරීමට නොහැකි බව පවසමින් විරෝධාතරුවෝ මෙම විරෝධතාව ඇරැඹුහ.
හිටපු කැබිනට් ඇමතිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රියංකර ජයරත්න මහතා සහ පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පදිංචිව සිටින්නේද මෙම මාර්ගයේම බවද විරෝධතාකරුවන් කියා සිටියේය.
විරෝධතාකරුවන් විසින් සකස් කරන ලද ලිපියක් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් චානක ප්‍රේමසූරිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරී සරත් දිසානායක යන මහත්වරුන්ද බාර දීමද මෙහිදී සිදු විය.
මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2014 වර්ෂයේදී ඇස්තමේන්තු සකස් කර කැබිනට් අනුමැතියක්ද ලැබී ඇති නමුත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා මාර්ගය ප්‍රතිසංස්කරණය සිදු නොවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීවරයා කියා සිටියේය.