මාතලේ විල්ෂීයාර් කන්දේ ගිනි ගැනීම් නවත්වන්න පියවර


(මහේෂ් කිර්තිරත්න )
 
මාතලේ විල්ෂියාර් කන්ද ආවරණය වන පරදි ගිනි ගැනිම්වලින් ආරක්ෂා කිරිම පිණිස කිලෝමිටර් 4ක ගිනි පටියක් සකස් කිරිමට පියවර ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
 
වාර්ෂිකව මෙම රක්ෂිතයේ ගිනි තැබිම් නිසා ජෛව විවිධත්වයට සිදුවන හානිය අවම කිරිම මෙම යෝජිත ගිනි පටිය සකස් කිරිම අරමුණ වේ.
 
 
දඩයක්කරුවන් සහ විනෝදයට පැමිණෙන පිරිස් මෙම ගිනි තැබිම් බහුලව සිදු කරන බවත් මේ නිසා ජල මුලාශ සිදි යෑමේ තර්ජනයකටද මුහුණ පා ඇතැයි ඔවුහු කියති.
 
 
මේ සම්බන්ධයෙන් පරිසරවේදින් ස්වේච්ඡා සංවිධාන ඇතුලු පාර්ශවයන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලිමකට අනුව මෙම ගිනි පටිය සකස් කිරිමට පියවර ගෙන ඇත.
නියං කාලවලදි වරින්වර විල්ෂයාර් කන්ද ගිනි ගැනිම්වලට නිරන්තරයෙන් හසුවන බවත් මේ නිසා සත්ව හා ශාක විශාල ප්‍රමාණයක් හානියට පත්වන බවද පරිසරවේදීහු පවසති.