මාතලේ ඇඟළුම් කම්හලක සේවකයෝ වැඩවරති


(ඉන්දික අරුණ කුමාර)

මාතලේ - මඩවල ප‍්‍රදේශයේ පිහිටි නාලන්දා කර්මාන්ත පුරයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයෝ 700ක් පමණ අද(13) වැඩවර්ජනයක නිරතව සිටිති.

වසර ගණනාවක සිට ආයතනය වැටුප් වැඩිකර නැතැයි පවසමින් එහි සියලුම සේවක සේවිකාවෝ සිය කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කාර්යයන්ගෙන් ඉවත්ව කර්මාන්ත ශාලා භූමියෙහි රැඳී සිටිමින් විරෝධතාවයක නිරතව සිටිති.

තමන්ට දෛනිකව ලබාදෙන වැටුප ප‍්‍රමාණවත් නැති බවත් ආයතනයෙන් ලබා දෙන ආහාර වේල ද ගුණාත්මක නොමැති බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් ආයතයේ මානව සම්පත් කළමණාකරුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ ආයතනයේ කළමනාකරු හා සාකච්ඡා කර සේවක ගැටලූවට විසඳුමක් ලබාදෙන බවයි.